Thursday, October 27, 2011

සිතුවිල්ල.....


පන්හිදෙන් අපි මවු..
වදන් කවි දකින විට,
මගෙ නෙතග හැම විටම
කදුලු බිදු උනනව......
සිප් සතර හදැරු
අපෙ පසල් දිවියෙ,
සොදුරු බව මගෙ හිතෙ 
කොනක තව තියෙනව....
මිතුරු කැළ සමග අපි 
එක් වෙල ලියු වදන්,
බිත්ති පත්තිරු පුරා
කදුලක්ව ගලනවා.....
සොදුරු ඒ ජීවිතය
නැවත නොලැබෙන බව සිතෙන විට,
මගෙ නෙතු තෙමගෙන 
කදුලු බිදු ගලනවා......

මිනිස්කම

මිනිස්කම මිලට ගත නොහෑකිය....එහෙත් මිනිස් කමින් මිලට ගත නොහකි දෙයක් මේ මිහි මත නොමති තරම්ය...